තුර්කියේ ස්තාන්බුල් හිදී පසුගිය අගෝස්තු 09 වැනිදා සිදුව තිබූ දරුණු රිය අනතුරෙන් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත ප්‍රතිකාර ලබමින් සිටි ලාංකික තරණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන් ලාංකිකයන් 08 දෙනෙකු පමණ සුළු තුවාල ලබා තිබිණි.
ස්තාන්බුල් ප්‍රදේශයේ ගුවන්තොටුපොළක් ඉදිකිරීමේ සේවයේ නියුතුව සිටින ලාංකිකයින් පිරිසක් රැගෙන යමින් සිටි බස්රථයක් අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ලාංකිකයන් 35 දෙනෙකු පමණ එහි සිට තිබිණි.
(ලංකා ටෲත්)