පුවත්

තේ ‌තෙල්වලට හරවන බව අමාත්‍ය රමේෂ් කියයි

Published

on

ශ්‍රී ලංකාව ඉරානයෙන් ගන්නා ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500 ක තේ අපනයනය කිරීමට සැළසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වසර අවසානය වන විට තේ කිලෝග්‍රෑම් මිලියන 290 ක් අපනයනය කිරීමට හැකි වේ යැයි පුරෝකථනය කර ඇති බවයි.  

එසේම මාර්ගගත ක්‍රමය හරහා ලෝක තේ වෙළඳපොළ සමඟ ගනුදෙනු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

ඉරානයෙන් ගන්නා ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500ක තේ අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ඉරාන තේ වෙළඳපොළ නැවත ලබාගැනීමේ හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version