පුවත්

දක්ෂිණ අධිවේගයේ බසයක් ලොරියක හැපී බසයේ රියදුරු මරුට

Published

on

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී විදේශිය සංචාරකයන් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටී අද (17) අලුයම අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.

එමෙන්ම බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයින් ද තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශීය ජාතිකයින් 30ක් පමණ ගමන් කර ඇත.

Trending

Exit mobile version