දිවයිනේ ඇතැම් ප්රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්රික්ක තුනකට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය පවසයි.
එම සංවිධානය නිකුත් කර ඇති නිවේදනයට අනුව ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ සහ ඇල්පිටිය යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස, කළුතර දිස්ත්රික්කයේ දොඩංගොඩ, හොරණ, මතුගම, බුලත්සිංහල සහ වලල්ලාවිට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සහ මාතර දිස්ත්රික්කයේ අකුරැස්ස යන ප්රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහාද මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මෙම ප්රදේශවල තවදුරටත් වැසි පවතී නම් අවදානයෙන් සිටින ලෙසය.
මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද 10 වනදා ද සවස 4.00 දක්වා බලපැවැත්වේ.