පුවත්

දොඩා UK යන්න කලින් බිරිඳ ප්‍රාඩෝ එක ඉල්ලගන්න බස්නාහිර පළාත් DIG හමුවෙයි! (වීඩියෝ)

Published

on

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා එක්සත් රාජධනියට යාමට පෙර තමාට අයත් ප්‍රාඩෝවර්ගයේ මොටර් රථය ඔහු විසින් බලෙන් තමන් සන්තකයේ තබාගෙන පරිහරණය කිරීම වලක්වා තමාට ලබාදෙන්නැයි ඉල්ලා ඔහුගේ බිරිඳ වන නීතීඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා මහත්මිය විසින් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.

බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට අදාළ ලිඛිත පැමිණිල්ල කරනු ලැබුවේ පිළියන්දල පොලිසියට තම සේවාදායිකාව විසින් කරන ලද පැමිණිලි වලට සාධාරණය ඉටු නොවීමෙන් පසුව ඒ පිළිබඳව පොලිස්පතිවරයාට ලිඛිතව දැන්වීමෙන් පසුව ඔහු විසින් ලබාදුන් උපදෙස් පරිදි යැයි දක්ෂිකා තිසරංගනී පෙරේරා මහත්මියගේ නීතීඥවරිය වන ඉමාෂා සේනාධීර මහත්මිය මාධ්‍ය වෙත කියා සිටියාය.

දොඩාවත්ත මහතා මේ සති අන්තයේදී එක්සත් රාජධහනියට යන බවද පැවසූ නීතීඥවරිය, දොඩාවත්ත මහතා එක්සත් රාජධහනියට යාමට වීසා ලබාගෙන ඇත්තේ ඔහුට ලැබී ඇති මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් රාජතාන්ත්‍රික විදෙස්ගමන් බලපත්‍රයක් භාවිත කරමින් බවයි.

එසේම, දොඩාවත්ත විසින් වීසා ලබා ගැනීමට භාවිතා කර ඇති අනුග්‍රාහක ලිපිය ලබාදී ඇති කාන්තාව දොඩාවත්ත ඇයගේ පෙම්වතා බවත්, ඔහු එක්සත් රාජධහනියට පැමිණෙන්නේ ඇගේ උපන්දිනය සැමරීමට බවත් සඳහන් කර ඇතැයිද ඉමාෂා සේනාධීර මහත්මිය චෝදනා කරයි.ඊට අදාළ ලිපියද ඇය මාධ්‍යවෙත ඉදිරිපත් කර තිබේ එය පහත දැක්වේ.

එසේම දොඩාවත්ත මහතා විසින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට ද චෝදනා කරනු ලබන නීතීඥවරිය, අයව දොඩාවත්ත හා දක්ෂිකාගේ දික්කසාද නඩුවේ විත්තිකාරියක කර ඇතැයි ද කියා සිටී.

මෙය ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දයට කිසියම් හෝ දේශපාලන පක්ෂයකට වාසි ලබා ගැනීමට සිදු කරන්නැක් දැයි මාධ්‍යවේදයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නීතීඥවරිය කියා සිටියේ එවැනි කිසිදු අදහසක් නොමැති බවයි.

ඇය වැඩිදුරටත් මෙසේද කීය.

Trending

Exit mobile version