පුවත්

ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක්

Published

on

මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික යාත්‍රා වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම්දී තිබේ.

මධ්‍යම – නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ඇති වී තිබීම මීට හේතු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මෙම අඩු පීඩන කලාපය හෙට පීඩන අවපාතයක් දක්වාත් අනිද්දා සුළි කුණාටු තත්ත්වයක් දක්වාත් වර්ධනය වනු ඇත.

මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

Trending

Exit mobile version