බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.
ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි නවම් පොහොය දිනකය.
බුදු රජාණන් වහන්සේ විසින් විශාලා නුවර චාපාල චේතිය අසලදී ආයු සංස්කාරය අත්හැරීම සිදුකර ඇත්තේ ද අද වැනි පොහෝ දිනක බව සඳහන් වේ.
නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.