පුවත්

නව ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබාදීම තාවකාලිකව නවතී

Published

on

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නව ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එම සංස්ථාවේ සභාපති එස් රාජකරුණා මහතා පවසයි.

මෙතෙක් ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබා දුන් අක්‍රමවත් පිළිවෙළ නිසා ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා සංස්ථාව මෙම තීරණය ගත් බව සඳහන්ය.

එම සංස්ථාව වන විට මොරටුව විශ්ව විද්‍යාලය සමඟ එක්ව අධ්‍යයනයක් සිදු කරන අතර එම අධ්‍යයනයෙන් පසුව ඉදිරි අවශ්‍යතා ද හඳුනාගනිමින් ඉන්ධන පිරවුම්හල් ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතය.

දැනට ලැබී ඇති ඉල්ලුම් පත් අහෝසි කරනු ලබන අතර දේශපාලන හිතවත්කම් හා අක්‍රමිකතා මඟින් ඉන්ධන පිරවුම්හල් ලබාදීමේ ක්‍රමය මේ අනුව අහෝසි කරන බව සභාපතිවරයා විසින් වැඩිදුරටත් පවසන ලදී.

Trending

Exit mobile version