මහනුවර – ඉහළ තැන්නේකුඹුර ප්‍රදේශයේ නිවසක් මතට විදුලි සංදේශ කුලුණක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ප්‍රකාශ කළේ, මෙලෙස තුවාල ලබා ඇත්තේ එම නිවසේ වාසය කරන කාන්තාවක සහ ඇගේ දියණිය බවය.