ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අරවින්ද සිරිනාථ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී අද (26) වැඩ භාරගත්තේ ය.
ඒ මහතා එසේ වැඩ බාරගත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති එම්.බී.එම්. රණතුංග මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීම නිසාය.
අරවින්ද සිරිනාථ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේ දී උපාධිධාරියකු වන අතර ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.
ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් අධ්‍යාපනය ලබා පෞද්ගලික අංශ ගණනාවක සේවය කළ අයෙකි.
වැඩ බාරගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් සිටිනාථ මහතා පැවසූයේ දේශපාලනය සහ රැකියාව පටලවා නොගෙන ක්‍රියා කළ යුතු බවයි.
සබැඳි පුවත්: