තීරුබදු නොගෙවා, රේගුවට ප්‍රකාශ නොකර භාණ්ඩ තොගයක් රැගෙන ඒම සම්බන්ධයෙන් ඉන්දියාවේ සහ ඩුබායි සිට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු කටුනායකදී අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.
එහිදී විදේශීය මත්පැන් බෝතල් 111ක්, දුම්වැටි තොගයක්, අයිෆෝන් හා අයිපෑඩ් ඇතුළු භාණ්ඩ තොගයක් මෙලෙස සොයාගෙන ඇත.
සැකකරුවන් ශ්‍රී ලාංකිකයන් වන අතර, ඔවුන් කොළඹ 13 සහ මස්කෙළිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.