පනාගොඩ යුද හමුදා කඳවුරේ ආරක්ෂක කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබළෙකු හට නිකුත් කරන ලද ටී – 56 වර්ගයේ ගිනිඅවියක්, පතරොම් 90ක් අඩංගු පතරොම් ගැබ් 3ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ගිනිඅවිය සහ උණ්ඩ සොරකම් කරන ලද හිටපු යුද හමුදා සෙබළෙකු හා අදාළ සෙබළාට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් තවත් යුද හමුදා සැරයන්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මාර්තු 03වැනිදා සිදුව ඇති මෙම සොරකම සම්බන්ධයෙන් හෝමාගම පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබුණු අතර, ඔවුන්ව ඊයේ(15) උදෑසන හෝමාගම මාගම්මන කනත්ත අසළදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සොරාගන්නා ලද ගිනි අවිය හා පතොරම් 90ක් අඩංගු මැගසීන් 03 සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළා මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර යුද හමුදා සැරයන්වරයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් අද (16) දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.