පුවත්

පළමු වරට කාන්තාවක් කටාර්හි තානාපති ධූරයට

Published

on

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් මහත්මිය වැඩ භාර ගෙන තිබේ.

පසුගිය ජනවාරි 23 දා දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඇය රාජකාරි භාරගනු ලැබුවේ කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් තේරීපත් වූ පළමු කාන්තාව ලෙසය.

1998 වසරේදී විදේශ සේවයට සම්බන්ධ වීඇති ඇය මේ වන විට මෙරට විදේශ සේවා නිලධාරිනියක ලෙස වසර 27ක සේවා අත්දැකීම් සපුරා තිබේ.

විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඇතුළු විවිධ අංශවල ඉහළ තනතුරු දරා ඇති ඇය, ලතින් ඇමරිකාව හා කැරිබියානු කලාපය සඳහා අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර ඇති බව සඳහන්ය.

කටාර්හි තානාපති ධුරයට පත්වීමට පෙර, ඇය ලන්ඩන්, චෙන්නායි, දෝහා සහ ඔටාවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කළ අතර, එහිදී ඇය නියෝජ්‍ය මහකොමසාරිස් සහ වැඩබලන මහකොමසාරිස් ලෙස සේවය කර ඇත.

තානාපති ධුරයට පත් ඛාන් අසාර්ඩ් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ඇය කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

Trending

Exit mobile version