අසර්බයිජානය හරහා ප්රංශයට යාමට උත්සහ දැරූ පුද්ගලයන් හත් දෙනකු හා එම ජාවාරම මෙහෙයවූ කහතුඩුවේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
කහතුඩුව ප්රගති මාවත ප්රදේශයේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු කළ දැනුම්දීමක් අනුව ගුවන්තොටුපල කරා ගිය අවස්ථාවේදී නිළධාරීන් තමන්ගේ නමට වීසා නොමැති බව පවසමින් හරවා එවූ බවට වැල්ලවත්ත ප්රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනවලදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
තමන් රැකියා නියෝජිත වෙත රුපියල් ලක්ෂ අටක 8 ක මුදලක් ලබා දුන් බවද පැමිණිල්ලේ සඳහන්වේ.
තමන් සමග තවත් පුද්ගලයන් 6 දෙනකු ගුවන් තොටුපොළ කරා ගියද ඔවුන්ටද විදේශගත වීමට නොහැකි වූ බව එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් විය.
මූලාශ්රය – ලංකාදීප