ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු වේ.
පසුගිය 10 වැනිදා මෙම පුද්ගලයා කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනි.
එහිදී ඔහුට ප්‍රතිජීවක ඖෂධ 13ක් ලබා දී ඇති අතර 14 වන ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව රෝහල් බලධාරීන් සඳහන් කළේය.
කෙසේ වෙතත් මොහුට ද ලබා දී ඇත්තේ දැනට මතභේදයට තුඩු දී ඇති ප්‍රතිජීවක ඖෂධය බවත් එදින ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් 19 වන රෝගියා මොහු බව ද රෝහල් බලධාරීන් සඳහන් කළේය.
අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙලෙස ආසාත්මිකතාවක් ඇති වීමට හැකියාව පැවති බව ද කෑගල්ල මූලික රෝහලේ බළධාරීන් ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ නියාමන අධිකාරිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේය.