පාර්ලිමේන්තුව අසල සමනල පාලම ආසන්නයේ තිබී වැඩිහිටි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගත් බව වැලිකඩ පොලිසිය කියා සිටී.
මෙසේ මියගොස් ඇත්තේ කේ.කේ.සෝමසිරි නැමැති හෝකන්දර නැගෙනහිර අටවැනි පටුමගේ පදිංචි කරුවෙක් බව ඔහු සන්තකයේ තිබූ වැඩිහිටි හැඳුනුම්පතින් පොලිසිය සොයාගෙන තිබේ.
එම හැඳුනුම්පතට අදාලව මියගොස් සිටි පුද්ගලයා 86 හැවිරිදි අයෙකි.