පාසල් බෑග් සහ සපත්තු මිල පහත දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ, මුදල් අමාත්‍යාංශයේ දී අද (11) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
නව පාසල් වාරය ආරම්භ වීමත් සමග දරුවන් වෙනුවෙන් සපත්තු සහ බෑග් මිල දී ගැනීමේ දී මාපියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව දේශීය වෙළඳපොලේ බෑග් සහ සපත්තු මිල පහළ යා යුතු බව පවසන අමාත්‍යවරයා, එසේ මිල පහළ යාමක් සිදු වී නොමැති නම් ඒ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයා දැනුවත් කර මිල අඩු කිරීමට පිළියමක් යොදන බව පැවසීය.
ඒ පිළිබඳව සොයා බලා සතියක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස ද වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යවරයා නියෝග කර ඇත.