පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) සිව්වසරක් පිරීම නිමිත්තෙන් දිවයිනේ දේවස්ථාන රැසකදී දේව මෙහෙයන් සංවිධාන කර තිබේ.
ඒ එම ප්‍රහාරයෙන් මෙලොව හැර ගිය පිරිස් සිහි කරීම සඳහාය.
2019 අද වැනි දිනක පාස්කු ඉරිදාව සමරමින් කතෝලික ජනතාව දේව මෙහෙයන්ට සහභාගිව සිටියදී, දේවස්ථාන 3 ක් ඇතුළු කොළඹ හෝටල් හා අවන්හල් 7කට එදින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් මිනිස් ජීවිත 269 ක් අහිමි විය.
තවත් පිරිසක් ආබාධිතයින් බවට පත් වූයේ එම අමිහිරි මතකයන් යළි යළිත් අප ඉදිරියේ මවාපාමින් ය.
පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසර හතරක් සපිරුණ ද ඊට වගකිව යුත්තන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි.
කොළඹ අගරුදගුරු පදවියේ ජාතික ජනසන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ, ප්‍රහාරයට වගකිවයුත්තට එරෙහිව නීතීය ක්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින් අද උදෑසන මීගමුව කොළඹ මාර්ගය දෙපස ජන පවුරක් නිර්මාණය කරන බවයි.
මේ අතර, පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 4 ක් සම්පූර්ණ විමට සමගාමීව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ආරම්භ වූ පා ගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය කරා මේ වනවිට ළඟා වෙමින් පවතින බවද වාර්තා වේ.මෙය නම් කර ඇත්තේ, සත්‍ය හා යුක්තිය සොයා අබ්බා පියාණන් වහන්සේට මොර ගසන යැඳුමේ පා ගමන ලෙසයි.
සබැඳි පුවත්
පාස්කු ප්‍රහාරයට අවුරුදු 4යි; කටුවාපිටියෙන් පා ගමන ඇරඹෙයි!