පුවත්

පිටිපන ඉඩමක් ලංවිමට

Published

on

හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

විද්‍යා හා තාක්ෂණ නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා විදුලිබල අවශ්‍යතාව ඉහළ යාමත් සමඟ එම ප්‍රදේශයේ ග්‍රිඩ් උපපොළක් ඉදි කිරීම සඳහා හෝමාගම, පිටිපන පිහිටි මාහේනවත්ත නැමති ඉඩමෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති අක්කර 02 රූඪ 03 පර්වස් 15.41ක ඉඩම් කොටස රජයේ ප්‍රධාන තක්සේරු කරුගේ තක්සේරුව මත ලංකා විදුලිබල මණ්ඩලය වෙත වසර 30 ක කාලයක් සඳහා බදු පදනම මත ලබාදීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Trending

Exit mobile version