පුවත්

පිපිඤ්ඤාත් රටින් එයි ?

Published

on

ශ්‍රී ලංකාවේ සරුවට වගා කෙරෙන පිපිඤ්ඤා, තක්කාලි, බීට්රූට්, කැරට්, ලීක්ස්, බෝංචි ආදී එළවළු වර්ගද කෙසෙල්, අන්නාසි, කොමඩු, අලිගැටපේර ආදී පළතුරු වර්ගවලටද පනවා තිබූ ආනයන තහනම ඉවත් කිරීම රටේ ගොවියාට, පාරිභෝගිකයාට මෙන්ම ජාතික ආර්ථිකයටද විශාල හානියක් බව පේරාදෙණිය සරසවියේ බෝග විද්‍යා පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කියයි.

බෝග අස්වැන්න ලැබෙන කාලයේදීම ඒවා ආනයනයට අවසර දීම ගැටලු සහගත වන අතර කළ යුතුව ඇත්තේ රටේ හිඟයක් ඇතිවන එළවළු සහ පළතුරු පමණක් ආනයනය කිරීම යැයි ඒ් මහතා අවධාරණය කරයි.

සෑම මසකම 15 වැනිදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් බෝග පිළිබඳ පුරෝකථනයක් සිදු කරන අතර ආනයනය කිරීමේ තීරණ ගත යුත්තේ ඒ අනුව බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

විද්‍යාත්මකව තීරණ ගත යුතු අවස්ථාවලදී අවිචාරවත් ලෙස දේශපාලන තීරණ ගැනීම සෑම අතින්ම රටට අහිතකර බවත්, රට අගාධයට වැටී ඇත්තේ මේ නිසාම බවත් මාරඹේ මහතා පවසයි.

මූලාශ්‍රය – දේශය

Trending

Exit mobile version