ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පත්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) එක්ව තරග වැඳීමට මෙව්න විට පූර්ව එකඟතාවයක් මතුව ඇතත් මැතිවරණ කොට්ඨාස සඳහා සභිකයන් සම සමව තෝරා ගැනීමට යාමේදී ගැටලු මතුව ඇතැයි වාර්තා වේ.
ප්‍රාදේශීය සභාවලට අදාළව කොට්ඨාස 340 තුළ ආසන 4917ක් අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 3229ක් හිමිව තිබේ.
කෙසේවුවද, එජාපයට හිමිව ඇත්තේ ඉතා සුළු ආසන ප්‍රමාණයකි.
එම තත්ත්වය හේතුවෙන් එම ආසනවලට හිමිකම් කියන මන්ත්‍රීවරු එජාපයේ නියෝජිතයන්ට සම තත්ත්වය හිමිවන සේ කොට්ඨාසවලට තරග කිරීම සම්බන්ධයෙන් තම අකැමැත්ත ප්‍රකාශ කර ඇති බව පැවසේ.
මේ අතර, පොහොට්ටුව නියෝජනය කරනු ලබන පාර්ලිමෙන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා කියා සිටින්නේ මේ ගැටලු විසඳා ගැනීමට ඉදිරියේදී පොහොට්ටු පක්ෂය හා එජාපය අතර සාකච්ඡාවක් ඇති බවයි.
මේ සඳහා අද (10) ද දෙපාර්ශවය අතර සාකච්ඡාවක් ඇතැයි එදිරිමාන්න මහතා කියා සිටී.
මේ අතර, පළාත් පාලන ජන්ද විමසීමේදී එජාපය අලියාගෙන්, පොහොට්ටුවෙන් හා පොදු ලකුණුක් යටතේ තරග කරන පළාත් පාලන ආයතන මොනවාද යන්න පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණයක් ගන්නා බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ එජාපය ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අලියා ලකුණින්ද, ඇතැම් ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව පොහොට්ටුවෙන්ද, ඇතැම් ආයතන සඳහා පක්ෂ දෙකම පොදු ලකුණකින්ද තරග කිරමට නියමිත බවයි.
එසේම එජාපය දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට තරග කිරීමට අපේක්ෂකයන්ගේ නාම ලේඛන සකසමින් සිටින බවද රංගේ බණ්ඩාර මහතා කියයි.