කොළඹ වරාය නගර කොමිෂන් සභාව විසින් කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත.
මෙම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයකින් සමන්විත වනු ඇති අතර, ඊට අමතරව ඉංජිනේරු, මූල්‍ය සහ බැංකු, ව්‍යාපාර කළමනාකරණ සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍රවලට අදාළව ද පාඨමාලා ආරම්භ කිරීමට නියමිතය.
කොළඹ නගරය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට පහසුකම් සැපයීම ද මෙම විශ්වවිද්‍යාලයේ අරමුණක් වේ.
ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක් මෙන්ම එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් අනූන විය යුතු බවත් වරාය නගර කොමිෂන් සභාව පවසයි.
මාස හයක් ඇතුළත විශ්වවිද්‍යාලය පිහිටුවීමට නියමිත අතර ඩිප්ලෝමා, උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අපේක්ෂිත බව වාර්තා වේ.