පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා ඉකුත් 26 වැනි දා සිට සිය ධූරකාලය අවසන් වී විශ්‍රාම යාම හේතුවෙන් පොලිස්පති නිල කාමරයේ සියලු බඩු බාහිරාදිය ඉවත් කරගෙන ගොස් ඇති බව පොලිස් මූලස්ථානය ආරංචි මාර්ග කියයි.
එම නිල කාමරයේ ගෘහ භාණ්ඩ හැර සෙසු සියලු භාණ්ඩ ඉකුත් 27 වැනි දා සිටම ඉවත්කරගෙන ගොස් ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස්පති ඉකුත් 26 වැනි දා සිට සිය කාර්යාලයට පැමිණ නැති අතර කිසිදු ලේඛනයකට අනුමැතිය ලබා ගැනීමට සහ රාජකාරි සහ රාජකාරි වෙනුවෙන් උපදෙස් ලබාදීමට පොලිස්පතිවරයකු නොමැති වීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවට ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
කෙසේවුවද, පොලිස්පති ඉවත්ව ගොස් මේවන විට දින 4ක් ගෙවීගොස් ඇතත් මෙතෙක් අලුතින් පොලිස්පති කෙනෙකු පත්කර නොමැත.