ඇතැම් වෘත්තීයන්හි නිරත පිරිස් තම ආදායම් සඟවා බදු ගෙවීම් පැහැර ඇති බවත්, වැනි පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කරන ලෙසත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා උපදෙස් දී තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ බදු ආදායම් රැස්කර ගැනීම සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග අද (මාර්තු 01) පැවැති සාකච්ඡාවකදීය.
එසේම ආදායම් බදු නිලධාරීන්ගේ හිඟය පියවීම සහ බදු එක්රැස් කර ගැනීමේ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් ද එහිදී කරුණු සාකච්ඡා වී තිබේ.