බන්ධනාගාර ගතවු නමගිය අයට වෙනදාමෙන් ඉහළ සැලකිලි ලබා ගැනීමේ මං ඇහිරී ගොස් ඇතැයි වාර්තා වේ.
බන්ධනාගාර නිළධාරින්ගෙන් විශේෂ සැලකිළි නොලැබීමත් සමග රැදවියන් ඔවුන්ව උපහාසයට ගෙන ඇතැයි පැවසේ.
හිටපු බන්ධනාගාර රාජ්ය ඇමති ලොහාන් රත්වතේ මහතා වරක් බන්ධනාගාරයේදී රැදවියන් දනගැස්වු ආකාරය මතක් කර රක්ෂිත බන්ධනාගාරයට රැගෙන ආ පසු ඔහුව ද ඒ ආකාරයෙන් දනගස්වා ඇති බවද පැවසේ.
ඔහුව රෝහල්ගත කර ඇත්තේ ඉන් පසුව බවද වාර්තා වේ.
මේ අතර, අර්ජුන් ඇලෝසියස් මහතා මීට පෙර අවස්ථාවල මෙන් බන්ධනාගාරයට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට උත්සහයක් ගෙන ඇතිබවත් එයද වැලැකී ගොස් ඇතැයි පැවසේ.
බදු ගෙවීම පැහැර හැරීමට වරදකරුවකු කරමින් බන්ධනාගිරගත කර ඇති අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාරයේ වඩු පාටියේ මේදිනවල කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ජෝන්ස්ටන් ප්රනාන්දු මහතාට ද රක්ෂිත බන්ධනාගාරය තුළ අකර තැබ්බයන්ට ලක්වීමට සිදුව ඇති බවද පැවසේ.