බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා විශේෂ වැටලීම් ආරම්භ කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
මේ සඳහා කණ්ඩායම් 4 ක් යොදවා ඇති බව එහි අධ්යක්ෂ ජනාරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.
පසුගියදා පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරෙන් පසුව මේ සම්බන්ධයෙන් යළිත් අවධානය යොමුවිය.
දඩය ලක්ෂ 5ක් කරන්න පියවර
මේ අතර, ඊයේ (11) දින කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ මගී බලපත්‍ර රහිතව අවිධිමත් හා අයථා ලෙස ධාවනය කෙරෙන උතුරු,නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල බස් රථවලට විරුද්ධව කටයුතු කිරීමට පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරන බවයි.
මගී ප්‍රවාහන බලපත්‍රයක් රහිතව මගීන් ප්‍රවාහනය කරන්නේ නම් රු. ලක්ෂ පහ දක්වා දඩ නියම කළහැකි පරිදි ජාතික ගමනා ගමන කොමිෂන් සභා පනත සංශෝධනය කර නීතිපතිවරයාට යවා තිබෙන බවද ඇමැතිවරයා පැවසීය.