පුවත්

බස් ගාස්තුවල වෙනසක් වෙන්නෙ නෑ

Published

on

ජූලි මස 1 වැනිදා සිට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නියමිතව තිබුණ ද වර්තමාන බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

සාමාන්‍යයෙන් වසර මැද නිල බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු අතර ඒ අනුව බස් ගාස්තුව 7% කින් වැඩි කළ යුතු වුවද ‘කොවිඩ්’ සමයේ ඉහළ දැමූ 10% ක බස් ගාස්තුවට එම වැඩිවිය යුතු ප්‍රමාණය හිළව් කළ බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අනුව රුපියල් 30 ක අවම බස් ගාස්තුව සහ සෙසු සියලුම බස් ගාස්තු දැනට පවතින මුදලේම තව දුරටත් පවතී.

මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් අද (30) පෙරවරුවේ පවත්වා නිල වශයෙන් ජනතාව දැනුවත් කරන බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා ප්‍රකාශ කලේය.

Trending

Exit mobile version