පුවත්

බස් ගාස්තුවල වෙනසක්!

Published

on

අවම බස් ගාස්තුව ඇතුළු සියලුම බස් ගාස්තු ලබන ජූලි 01 වැනිදා සිට 20%කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු අඩු කිරීමේ වගකීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැවරී ඇති අතර එම කොමිෂන් සභාව විසින් කාණ්ඩ 12 කට අදාළව ගණනය කිරීම් සිදුකරමින් සිටින බව වාර්තා වේ.

ඉන්ධන මිල, වාහන අමතර කොටස් මිල, ටයර් සහ බැටරි මිල ඇතුළු කාණ්ඩ 12 ක් සැලකිල්ලට ගෙන ප්‍රතිශතයක් ඉදිරිපත් කරන බවත් ඊට අමතරව පසුගිය කොවිඩ් සමයේදී ආසනගතව පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේ නීතිය සහිතව වැඩි කරන ලද 20%ක බස් ගාස්තුවෙන් මෙතෙක් අඩු කර නැති 10% ද එක්කර ගන්නා බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අනුව දැනට රුපියල් 30ක් ව පවතින අවම ගාස්තුව ඇතුළු සියලුම ගාස්තු අඩුකළ හැකි බවද එම ප්‍රකාශකයා කීවේය.

Trending

Exit mobile version