පුවත්

බැංකි මූන් ලංකාවට එයි!

Published

on

එක්සත් ජාතීන්ගේ සංසංවිධානයේ හිටපු මහ ලේකම් බැංකි මූන් මහතා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සදහා අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

බැංකි මූන් මහතා  සමග ඔහුගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටියහ.

මෙම පිරිස අද (06) අලුයම 02.00 ට සිංගප්පූරුවේ සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණි.

Trending

Exit mobile version