තම බිරිඳගේ නිවසේ තිබියදී හමුවූ සුඛෝපභෝගී මෝටර් රථය මීට සතියකට පෙර වෙඩි තබාගෙන මියගිය තම පෞද්ගලික ලේකම්වරයා ගෙනදැමූවක් බවත් මෙම රථයට තමාට හෝ තම බිරිදට අයිති නැති බවත් හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මිරිහාන මූලස්ථාන පොලිසිය හමුවේ පවසා ඇතැයි වාර්තා වේ.
මෙම රථය සිය පෞද්ගලික ලේකම්වරයා නිවසේ ගරාජයට ගෙන දැමුවේ මීට සති තුනකට පෙර බවද හිටපු ඇමැතිවරයා සඳහන් කර ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත ගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක තිබූ අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් මිරිහාන මූලස්ථාන පොලිසිය පෙරේදා (26) විසින් සොයාගෙන තිබේ.
ඒ පොලිස් මූලස්ථානයට ලද තොරතුරකට අනුව මිරිහාන පොලිසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කළ සෝදිසි කිරීමකිනි.
මෙම මෝටර් රථය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් පොලිසිය ප්‍රකාශයක්ද ලබාගෙන තිබේ.
මෙම රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචි කර නොමැති සුඛෝපභෝගී රථයක් වන අතර එය මෙරටට රැගෙන ආ ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවන බව මිරිහාන පොලිසිය පවසයි.
මෙම මෝටර් රථය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවද ලබාගනිමින් ඉදිරි විමර්ශන සිදුකෙරෙන බවද පොලිසිය සඳහන් කරයි.
සබැඳි පුවත්
ලොහාන්ගේ පෞද්ගලික ලේකම් වෙඩිතබා ගැනීමේ සිද්ධිය සී.අයි.ඩී යට