පුවත්

බිල් ගේට්ස් ලංකාවට !

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්මත මෙරටදී පැවැත්වීමට සැලැසුම්කර ඇති ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුව සඳහා ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස්ට ද ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

මෙම සමුළුවට අදාළව සියලු කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශක එරික් සෝල්හයිම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා වෙත උපදෙස් දී ඇති බවද පැවසේ.

මෙම තීරණයට එළැඹ ඇත්තේ ඉකුත් සතියේ එරික් සෝල්හයිම්, රුවන් විජයවර්ධන යන මහත්වරුන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළ අවස්ථාවේදීය.

ලෝකයේ පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ නිරත වන ප්‍රධානීන් රැසකට මෙරටට ආරාධනා කරන ලෙස ජනාධිපතිවරයා එහිදී දැනුම් දී තිබේ.

එම සමුළුවට පැමිණෙන ප්‍රධාන ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡා කොට මෙරට පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමට සැලසුම් කර ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.

Trending

Exit mobile version