පුවත්

බිලියනපති මෝල්කාරයෝ හා කොළඹ ‌තට්ටු නිවාස ගැහුව අය බදුගෙවලා නෑ

Published

on

මෙරට ව්‍යාපාරිකයන්ගෙන් වැඩි පිරිසක් බදු ගෙවීම පැහැර හැර ඇතැයි ද 2023 වසර තුළ රුපියල් බිලියනට වැඩියෙන් ආනයන සිදුකර ඇති ව්‍යාපාරිකයන් 712 දෙනකු අතුරින් 15%ක් ආදායම් බදු ගෙවා නැතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කමිටුවට කැඳවූ අවස්ථාවේ මේ බව හෙළිවූයේ යැයි එම කමිටුවේ සභාපති අලුත්ගමගේ මහතා පවසයි.

2022 කොළඹ නගරයේ මිලියන 200 ඉක්මවන නව නිවාස සංකීර්ණ 3202ක් ඉදිවී ඇති අතර ඒ කිසිවකු බදු වාර්තාවලට ඇතුළත් වී නොමැති බවද ඇතැම් වී මෝල් හිමියන්ගේ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ගිණුම්වලට බිලියන 100ක් පමණ බැරවී ඇති නමුදු ඔවුන්ද එකදු රුපියලක් හෝ බදු ගෙවා නොමැති බවද ඔහු සඳහන් කළේය.

Trending

Exit mobile version