‘එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ’ පක්ෂයෙන් මයික් ලකුණෙන් තරඟවදින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් විපතට පත් ජනතාවට බෙදීමට බඩු ගොඩක් රැස්කරගෙන ඇතත් ඒවා බෙදීමට හැකියාවක් නැතැයි ඔහු ෆේස්බුක් පොස්ටුවක් දමමින් පවසා තිබේ.
ඒ ඔහු මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන නිසා බවද ඔහු කියා සිටී.
එම බඩු කෝටිපති දානපතියන් එක් රැස් කරගත් ඒවා බවද ඔහු සිය පොස්ටුවේ දක්වා තිබේ.
හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ‘එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ’ පක්ෂය ලයිකා මොබයිල් හිමිකරු සුබාකරන් අලිරාජා මහතා විසින් මිලදී ගත් පක්ෂය බවට මේවන විට මාධ්‍ය වාර්තා පලව තිබේ.
එම පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා හිටපු ඇමතිවරයකු මන්ත්‍රී පෙරියසාමි චන්ද්‍රසේකරන් මහතාගේ (පී.දන්ද්රසේකරන්) දියණිය වන නීතිඥ චන්ද්‍රසේකරම් අනුෂා මහත්මිය ද එකතු කරගෙන ඇතැයි වාර්තා වේ.
චන්ද්‍රසේකරන් මහතාගේ පක්ෂයේ වත්මන් නායිකාව වන්නේ ඔහුගේ දියණියයි.
සබැඳි පුවත්