පුවත්

බෙලිඅත්ත ඝාතනයට අනුබල දුන් තවත් 2ක් අත්අඩංගුවට

Published

on

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකායේ මිරිහාන කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම පුද්ගයින් දෙදෙනා හෙරොයින් සමග ගාල්ල වංචාවල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි සැකපිට අත් අඩංගුවට ගන ඇත.

ගාල්ල වරාය පොලිස් වසමේ කදුරුදූව ප්‍රදේශයේදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල මාගාල්ල පදිංචි 25 හැවිරිදි ධිවරයෙක් සහ වංචාවල කදුරුදූව පදිංචි 35 හැවිරිදි කම්කරුවෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පළමුවන සැකකරු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 03 මිලි ග්‍රෑම් 30ක්ද දෙවන සැකකරු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 200ක්ද පොලීසිය සොයාගෙන ඇත.

මීට අමතරව සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 03ක් සහ උල් පිහියක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානයට භාරදී තිබේ.

සබැඳි පුවත් :
https://sinhala.srilankamirror.com/news/%e0%b6%b6%e0%b7%99%e0%b6%bd%e0%b7%92%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb/

Trending

Exit mobile version