පුවත්

මහගම සේකරගේ බිරිය මියයයි

Published

on

මෙරට සිටි  කුසලතා පූර්ණ කලාකරුවකු  වු දිවංගත මහගමසේකර මහතාගේ  ආදරණීය  බිරිඳ  වු විශ්‍රාමලත් පාඨශාලාචාරිනි කුසුමලතා මගමසේකර ගුරු මාතාව ඊයේ (21) පෙරවරුවේ  අහාවපුාප්ත වූවාය.

මියයනවිට 88 වන වියේ පසු  වු ඇය තිදරු මවකි.

මහගමසේකර  කලාකරුවාගේ නිර්මාණ  දිවියට නිබඳ අත්වැලක් වු කුසුමලතා මහත්මිය  1963 දි ඔහු හා විවාහ වි ඇත.

පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වු ඇය ගුරුසේවයට පිවිස ඇත්තේ 1962දීය.

ඇගේ පළමු පත්වීම  මිරිගම ජාතික පාසල (එවකට මිරීගම මහා විද්‍යාලය) වෙත ලැබී ඇත.

ගම්පහ රත්නාවලී බාලිකා  විද්‍යාලය සහ බොරුල්ල රත්නාවලී විද්‍යාලය ඇය  සේවය කළ සෙසු පාසල් ලෙස සැලැකේ.

සිය දූ දරුවන් ට මෙන්ම ආදරණීය  ගුරුමාතාවක් වු  ඇය සිංහල විෂය ඉගැන්වීමේ සහජ දක්ෂතාවයක් දැක්වූ තැනැත්තියකි

දේහය සිකුරාදා (24)  පෙරවරු 10.00 සිට  බොරැල්ල ජයරත්න රෙක්ස්පෙක්ට්  මල් ශාලාවේ තැන්පත්  කර තැබෙන අතර ආදාහන කටයුතු 25 වැනිදා⁣ (සෙනසුරාදා) පෙරවරු 10.30ට බොරැල්ල  කනත්ත පොදු සුසාන භුමියේ කිතුල්වත්ත පාර පිවිසුමේ ආදාහන  පරිශ්‍රයේ  සිදුකෙරේ.

Trending

Exit mobile version