රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (25) වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා (23) නියෝග කලේය.
කොළඹ හිල්ටන් හෝටලේ රථ ගාලේ තිබී මෙරට එකලස් කරන ලද බව කියන BMW වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනුණි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගියදා (23) ජොන්ස්ටන් ප්‍රනාන්දු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.