පුවත්

මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක් 5000 යි! 

Published

on

එළඹෙන මහ කන්නයේසිට යූරියා පොහොර මිටියක් රුපියල් 5000කට අඩු මුදලකට ගොවින්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

 ඔහු සඳහන් කර සිටියේ වගා කන්න 03කට පසු මෙවර මහ කන්නයේදී ගොවීන්ට මඩ පොහොර, යුරියා පොහොර හා බන්ඩි පොහොර යන පොහොර වර්ග තුනම ලබා දීමට පියවර ගත් බවයි. 

මේ අතර පසුගිය සති අන්තයේදී යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නෞකාවක් මෙරටට පැමිණි අතර ඒ අනුව එම පොහොර අද (12) සිට සියලු ගොවි ජන මධ්‍යස්ථාන වෙත නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.  

Trending

Exit mobile version