පසුගිය 01 දින මාලිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකළ සිදුවීමේ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 180 ක් ද සොයාගත් බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
තවද දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින කවි නැමැත්තාගේ ගෝලයකු ලෙස සැකකරු කටයුතු කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.