ජාතික ජන බලවේගය බලයට පත්වීම දකුණු ආසියානු කලාපීය ආරක්ෂාවට විශාල තර්ජනයක් බව දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේෂ්වරන් මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ දෙමළ පොදු අපේක්ෂකයාගේ යාපනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදීය.
අනුර කුමාර දිසානායකට රටේ ආර්ථිකය සංවර්ධනය කරවීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් ඔහුව බලයට පත්කිරීමට සහාය නොවන ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
‘‘ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදීමට මේ රටේ බහුතරයක් ජනතාව කැමැති නැහැ. 88 / 89 කාලවලදී ඔවුන් විසින් කරන ලද විනාශකාරී ක්‍රියාවන් බැලීමේදී ඉතිහාසය අමතක කර සැනසීමෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් කොහෙත්ම නැහැ. මේ දවස්වල අනුර කුමාරගේ රැස්වීම්වලට සහභාගී වන ජනතාව දෙස බලා බොහෝ අය හීන මවාගන්නවා ඔහු මේ රටේ ජනාධිපතිවරයා වේවි කියා. නමුත් එවැන්නක් කොහෙත්ම සිදුවන්නේ නැහැ.
එහෙම සිදුවුණත් ඔහුට ගෝඨාභය ජනාධිපති ධුරය දැරූ කාලයවත් ධුරය දරන්න බැහැ’’ යැයි හෙතෙම කීවේය.
මූලාශ්‍රය – අරුණ