පුවත්

“මාලිමාවේ ලැයිස්තුවලට බෝනික්කෝ දාලා…”

Published

on

ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඉදිරිපත් කර ඇති අපේක්ෂක ලැයිස්තු මඟින් මුස්ලිම් නියෝජනයට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව ෂිරාස් යුනුස් මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින්, ෂිරාස් යුනුස් මහතා සඳහන් කළේ ඔහුට ද ජාතික ජනබලවේගය හරහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟ කිරීම සඳහා ආරාධනාවක් ලැබුණ ද පසුව එම අවස්ථාව ලබා නොදීමට ඔවුන් තීරණය කළ බවය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයකටම ජාතික ජන බලවේගය මුස්ලිම් නියෝජිතයින් එක් අයෙකු බැගින් පමණක් ඉදිරිපත් කර  තිබෙන බවත් ඔවුන් බෝනික්කන් සේ විය හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.

මේ වන විට මුස්ලිම් ජනතා නායකයින් ලෙස පෙනී සිටින සෙසු දේශපාලන පක්ෂ නායකයින් ද දිගින් දිගටම මුස්ලිම් ජනතාව රවටමින් සිටින බවද ෂිරාස් යුනුස් මහතා  මෙහිදී පවසා තිබුණි.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ හේතුවෙන් තමන් ස්වාධීන කණ්ඩායමක් ලෙස කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරඟ කිරීමට පියවර ගත් බවය.

ෂිරාස් යුනුස් මහතා මීට මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු පිළිබඳ ජාතික සංවිධායක වරයා ලෙස ක්‍රියා කර ඇති අතර අසාත් සාලි මහතාගේ දේශපාලන පක්ෂයෙහි ජාතික සංවිධායක ලෙසද කලක් කටයුතු කර තිබේ.

වීඩියෝ –  Mee Massoo TV 

Trending

Exit mobile version