පුවත්

මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීම ගැන ටිරානුත් පරීක්ෂණයක් ඉල්ලයි

Published

on

මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම හා රට හැරයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

තමන්ට මරණීය තර්ජන ඇතැයි පවසමින් මුලතිව් දිසා විනිසුරුවරයා, සැප්තැම්බර් 23 දිනැති ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා භාර දී තිබුණි.

අදාල සිදුවීම පිළිබඳව විධිමත් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබුණු අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ටී. සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

සබැඳි පුවත් :

මුලතිව් මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීම ගැන නීතිඥ සංගමය පරීක්ෂණයක් ඉල්ලයි

මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීම ‌‌ගැන ලෝකෙම කතා කරන්න ගනියි

Trending

Exit mobile version