පුවත්

මෙන්ඩිස් සමාගමට සීල් තබයි

Published

on

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට ඊයේ (05) මුද්‍රා තැබීය.

මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව එහි මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ (05) සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබුණි

එම නියෝගය ප්‍රකාරව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජා-ඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් හා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මුද්‍රා තැබීම සිදු කලේය.

ඒ පැය හයකට වැඩි කාලයක් එහි සිදුකළ නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුවය.

ජා-ඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් පැවසුවේ අද සිට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ සියලුම නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු සිදුකළ නොහැකි බවය.

හිඟ බදු ගෙවීම පැහැරහැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා සිට අත්හිටුවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි.

එවන් පසුබිමක ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම සමාගම ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පසුගියදා (04) තීන්දු කලේය.

Trending

Exit mobile version