ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඕඩ්රි අසූලේ මහත්මිය (Ms. Audrey Azoulay) මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
———————————-
(පෙර පුවත : 2024 ජුලි 16 පෙ.ව. 11:05)
යුනෙස්කෝ අධ්‍යක්ෂවරිය ලංකාවට පැමිණෙයි
එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පැමිණියාය.
අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ පැමිණ තිබේ.
ඔවුන් අද (16) අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇත.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව වාර්තා වේ.
සබැඳි පුවත්
යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාවේ සංචාරයක