ව්‍යාපෘති තුනක් සඳහා ලබාගෙන ඇති ණය රජයේ ණය ලෙස වාර්තා කිරීමට අනුමැතිය ඉල්ලා මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
මත්තල ගුවන් තොටුපළ, නොරොච්චෝලේ විදුලි බලාගාරය, හම්බන්තොට වරාය එම ව්‍යාපෘති තුන වෙයි.
චීන අපනයන-ආනයන බැංකුවෙන් ලබා ගෙන ඇති මෙම ණය මුදල් ශ්‍රී ලංකා රජයේ ශේෂ පත්‍රයට පැවැරීම මෙහි අරමුණ වී ඇත.
පසුගිය වර්ෂය අවසාන වන විට මත්තල ගුවන් තොටුපළ සඳහා ගත් ණයවලින් ඇමරිකානු ඩොලර් මිලියන අනූ තුනක් තවමත් ගෙවීමට තිබේ.
නොරොච්චෝලේ විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා ගත් ණයවලින් ඇමරිකානු ඩොලර් මිලියන 591ක් ගෙවීමට ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා ලබාගත් ණයවලින් ඩොලර් මිලියන 742ක් ගෙවීමට තිබේ.
හම්බන්තොට වරාය දිගු කාලීන බදු පදනම මත මුදා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අදාළ ණය හා වත්කම් වාර්තා මූල්‍ය ප්‍රකාශනවලින්ද ඉවත් කර තිබේ.
තවද චීන අපනයන-ආනයන බැංකුව සමග අත්සන් කර ඇති ව්‍යාපෘති ණය ගිවිසුම් අටක්ද රජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොමැති බව විගණකාධිපතිවරයාද මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.