රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් එළඹෙන ඉරිදා (19) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍ර්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.
ඒ අනුව එදින සවස 3.00 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබීමට ක්‍රියාකරනු ඇත.
ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙන අතර, විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබේ.