පුවත්

රතුපස්වල තීන්දුව කල් යයි(Update)

Published

on

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල් තැබුණි.

ඒ් ගම්පහ මහාධිකරණයේ දී අද (30) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

අදාළ නඩුවේ තීන්දුව අද (30)  ප්‍රකාශයට පත්කිරීමට නියමිතය තිබූ අතර එය මෙලෙස කල් තැබුණි.

පෙර පුවත 30-04-2024 -11:25Am

රතුපස්වල තීන්දුව අදයි

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තැබීමේ සිදුවීමට අදාල නඩුවේ තීන්දුව අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මීට වසර 11කට පෙර දී තමාට පිරිසිදු ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකල උද්ඝෝෂණ අවස්ථාවේ පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩු පැවරීම සිදුවිය.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති මෙම  නඩුවේ තීන්දුව අද (30) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව මෙලෙස අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

Trending

Exit mobile version