පුවත්

රථ වාහන තදබදය පාලනයට පොලීසියෙන් 8500ක්

Published

on

උත්සව සමයත් සමග ඇතිවන රථ වාහන තදබදය පාලනය සඳහා පොලිස් රථවාහන හා නිලධාරීන් 8500කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාස, අධිවේගී මාර්ග පිවිසුම් ආශ්‍රිතව පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන බවය.

බීමත් රියැදුරන් පරීක්ෂා කිරීම් එහිදී ප්‍රධාන වශයෙන් සිදු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

පෙරේදා දිනය තුළ බීමත් රියැදුරන් 251 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක විශේෂ රථ වාහන මෙහෙයුම අතරතුර මෙම පියවර ගෙන ඇති බවය.

Trending

Exit mobile version