පුවත්

රනිල්ගෙන් විකල්ප පාර්ලිමේන්තුවක්!

Published

on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විකල්ප පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට අදාළ යෝජනාවක් ගැන සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

මෙම විකල්ප පාර්ලිමේන්තුව සඳහා ආරාධනා කරනු ලබන්නේ කලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ එහෙත් දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන විවිධ පක්ෂවල දේශපාලනඥයන්ටය. 

එම පාර්ලිමේන්තුවට හිටපු මැති ඇමැතින් 450 කට පමණ මෙලෙස ඇරයුම් ලැබීමට නියමිත බවද පැවසේ.

අදාළ පිරිස අතරින් විකල්ප පාර්ලිමේන්තුව සඳහා සාමාජිකයින් 225 දෙනකු තෝරා ගැනීමට නියමිත බවද වාර්ත වේ.

මාසයේ පාර්ලිමේන්තුව රැස්වන දින 8 හිදී විකල්ප පාර්ලිමේන්තුව ද රැස්වෙයි. 

විකල්ප පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් අතරින් ආණ්ඩුවේ අමාත්‍යංශ සංඛ්‍යාවට සමාන ඡායා ඇමැති මණ්ඩලයක් ද පත් කෙරේ. ඔවුන් අදාළ අමාත්‍යංශ සම්බන්ධව ක්‍රියා කළ යුතුය. 

ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතරින් තෝරාගත් කිහිප දෙනෙක් විකල්ප පාර්ලිමේන්තුවේ කතානායක, සභානායක හා විපක්ෂ නායක ලෙස ද පත් කිරීම අරමුණයි.

මේ හැර දැනට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්), ගිණුම්කාරක සභාව (කෝපා) ඇතුළු කමිටු කිහිපයක් පිහිටුවීමටද අදහස් කරන බව දැනගන්නට ඇත.

එසේම මෙම විකල්ප පාර්ලිමේන්තුවට විශේෂ ආරාධිතයන් ලෙස හිටපු ජනාධිපතිවරුන්ටද ඇරැයුම් කෙරෙන අතර ලොව විවිධ රටවල සිටි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නායකයන්ටද ශ්‍රී ලංකාවේ විකල්ප පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාව සලසා දෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.

මූලාශ්‍රය – දේශය

Trending

Exit mobile version