පුවත්

රාජිකා හා දහම් සිරිසේන දිලිත් ළඟට යයි

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ දහම් සිරිසේන මහතා අද (03) කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයට පැමිණ එම පක්ෂය හා එක්ව තිබේ.

පක්ෂ සාමාජිකත්වය ලබාගත් ඇයව මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික්කයේ දැදිගම සංවිධායකවරිය ලෙස පත්කර ඇත.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාව පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර ඇති බව එම පක්ෂය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය පසුගිය මහමැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරමින් ඔහුගේ මැතිවරණ වේදිකාවට එක්විය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ රැළියකදී ඇය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් කිරීම නිසා පසුගිය ජනාධිපතිවරණයේදී රාජිකා වික්‍රමසිංහ මහත්මිය පිළිබදව වැඩි වශයෙන් කතාබහට ලක්වුණි.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා 2021 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කරන ලදී.

අනතුරුව 2022 වසරේ සැප්තැම්බර් පළමුවැනිදා ඔහුව පොලොන්නරුව බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා ලෙසට පත් කෙරුණි

Trending

Exit mobile version