පුද්ගලයන් සංචාරක වීසා වලින් විදේශයන්ට යවා ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හැරි විදේශ රැකියා නියෝජිත ආයතන 400ක හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කර ඇතැයි කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කියයි.
එසේම ඩොලර් නැතුව උණ්ඩියල් ආකාරයෙන් කමිෂන් මුදල් ගෙන ආ තවත් විදේශ රැකියා නියෝජිත ආයතන රැසක්ද තාවකාලිකව තහනම් කළ බව ඔහු පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දීය.